Colombo Today Local News

මේ වැරැද්ද කලොත් බටහිරයට කෙලින්ම ගහනවා

යුක්‍රේනයට දිගු දුර මිසයිල භාවිතා කිරීමට ඉඩ දෙන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ සෘජුවම සටන් කරන බව රුසියානු නායක පුටින් පවසනවා.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළේ බටහිර නිෂ්පාදිත දිගු දුර මිසයිල මගින් රුසියානු භූමියට පහර දීමට යුක්‍රේනයට ඉඩ ලබා දීම කිසිවිටකත් සිදු නොකළ යුතු බවයි.

එසේ කරන්නේ නම් බටහිර රටවල් රුසියාව සමඟ කෙලින්ම සටන් කරන බවත්, මෙම පියවර ගැටුමේ ස්වභාවය සහ විෂය පථය වෙනස් කරන බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy මාස ගනනාවක් තිස්සේ තම මිත්‍ර පාක්ෂිකයින්ට ආයාචනා කරමින් සිටියේ යුක්‍රේනයට අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය නිෂ්පාදිත දිගු දුර මිසයිල ලබා දෙන ලෙසයි.

ඒ එම දිගු දුර ප්‍රහාර මගින් රුසියානු භූමියට පහර දී, යුක්‍රේනයට ප්‍රහාර දියත් කිරීමට රුසියාවට ඇති හැකියාව සීමා කිරීම සඳහායි.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ

colombotoday

චමල් රාජපක්ෂගේ නිවසත් වටලයි

colombotoday

බන්ධනාගාර බස් රථයට පාර්සලයක් විසිකළ පුද්ගලයා ලුහුබැඳ ගොස් අල්ලයි

colombotoday

නිවසේ හදිසි අනතුරක්.. පිළිස්සුම් තුවාල සහිතව ගීතා රෝහල්ගත කරයි !

colombotoday

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday