Colombo Today Local News

යහපාලන ආණ්ඩුව යටගහපු අල්ලස් ෆයිල් 74 මෙන්න.. කොමිසමේ අධ්‍යක්ෂවරියත් හෙරක්?

bribery commision

අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවට 2002 සිට 2015 ජනවාරි 08 වැනිදා දක්වා ලැබී තිබූ දේශපාලනඥයන් 74 දෙනෙකුට එරෙහි පැමිණිලි විභාගය අත්හැර දමා ඇති බවට චෝදනා එල්ල වනවා.

ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන්නේ 2015 ජනවාරි 08 වැනිදායින් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහි පැමිණිලි පමණක් විභාගයට ගැනීමට කටයුතු කර ඇති බවත් ඒ හරහා එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයි කොමිසමේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම බිද දැමීමට කටයුතු කර ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා මේ චෝදනාව එල්ල කරනු ලැබුවේ ඊයේ (06) පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමිනි.

අධ්‍යක්ෂ ජෙනරාල්වරියටත් දූෂණ චෝදනා

අල්ලස් දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට එරෙහිවද මුදල් අවභාවිතා කිරීම පිළිබදව පැමිණිලි ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ලිමේතුවේදී හෙළිදරව් කර තිබේ.

ඇය අදාළ ධූරයට හිමි නිල නිවසක් අලුත්වැඩියාකර එම අලුත්වැඩියාවට වැයවූ වියහියදම් වලට අදාළ බිල්පත් ගණකාධිකාරීවරියට ඉදිරිපත්කර ඇති අතර ඇය ඒවා පියවීම ප්‍රතික්ෂේප කර ඇති බවද එහිදී හෙළිවිය.

ඊට හේතුව ඇයට කොළඹ තදාසන්න ප්‍රදේශයක තවත් නිවසක් තිබීම බව පැවසේ.

කෙසේවුවද එම අධ්‍යක්ෂජනරාල්වරිය අදාළ ධූරය භාරගැනීමට පෙර දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ තමාට කොළඹ තදාසන්න ප්‍රදේශයක නිවසක් නොමැති බවයැයිද මන්ත්‍රීවරයා හෙළිකළේය.

ඇය එම දිවුරුම් ප්‍රශායට යොදා ඇති ලිපිනය වන්නේ තලවතුගොඩපාර හෝකන්දර යන ලිපිනය බවද පැවසේ.

එම ලිපිනයේ සිට කොමිෂන් සභාවට ඇත්තේ කිලෝමීටර් 16ක් බවද වාර්තා වේ.

als1als2

Related posts

මනු කියවන්නන්ගේ සේවය තාවකාලිකව නතර කරන්නැයි ඉල්ලයි

colombotoday

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin

මීගමුවට පාස්කු ප්‍රහාරය අමතක වෙයි… වැඩි ඡන්දයෙන් සජිත් දිනවයි !

colombotoday

ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම් භික්ෂූන් වහන්සේලාට අපහාස කරයි

colombotoday

ගලගොඩාත්තේ ඥානසාර හිමියෝ විප්ලව කාරයෙකු නොවේ – කෝට්ටේ මහා නායක හිමි අවධාරණය කරති

colombotoday

Video – මම යද්දී ලේ විලක් මැද දරුවව අත් දෙකේ තියාගෙන හිටියා

colombotoday