Colombo Today Local News

සේනක බටගොඩට තහනම් වූ ගීත

අද (02) කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් වාරණයක් නිකුත් කළේය.

අපි කවුරුද,
අපි සැනසිල්ලේ,
අළු යට ගිනි,
රස්තා,
හීනවලට පනක් තිබෙනවා,
හොඳම දේ,
සැනසෙන්නම්
යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත.

ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම්දී තිබේ.

ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබීය.

Related posts

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

colombotoday

‘ගම්පෙරළිය’ යළි ඇරඹෙයි

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් ගණන 1199 දක්වා ඉහලට

colombotoday

මාළු ගණන් උස්සයි

colombotoday