Colombo Today Local News

බාලගේවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ඊයේ (17) උදෑසන කාලයේ දී හංවැල්ල පොලිස් වසමේ බාලගේවත්ත ප්‍රදේශයේ දී වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධරීන්ට ලද තොරතුරකට අනුව වැටලීමක් කර හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සහ මිලිග්‍රෑම් 3ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා යොදාගත් බවට සැක කරන ජංගම දුරකථන 3ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසියට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 42ක් වූ බ්‍රැන්ඩිගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු සන්තකයේ තිබී විවිධ බැංකුවලට අයත් බැංකු ගිණුම් පාස්පොත් 5ක් හා ඩෙබිඩ් කාඩ්පත් 4ක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

සැකකරු බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවනු ලබන ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කල මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

colombotoday

මගේ රාජ යෝගය උදාවුණේ ඉපදුණු දවසෙමයි… කේසර සිංහයෙක් වගේ මම ඕන අභියෝගයකට ලෑස්තියි

colombotoday

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

අල්ලස් අරන් මාට්ටු වූ ලොක්කන් දෙදෙනාට අධිකරණය අද දුන් තීන්දුව

colombotoday

මුව ආවරණ ඉවත්කිරීම අත්හිටුවයි

colombotoday

ශ්‍රීලනිපය මල් වට්ටියේ තබා එජාපයට පූජා කිරීමට දුමින්දගේ සැලසුමක්…

colombotoday