Colombo Today Local News

නැවතත් දිනූ පුටින්

නැවත වරක් රුසියානු ජනාධිපතිධුරය සඳහා ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබේ.

පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අතිවිශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවස‍යි.

මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය බවට වාර්තා වේ.

කෙසේවෙත් මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයක් නොමැති බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.

2024 රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය 16 වනදාය.

මෙවර විදේශයන්හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවිය.

කලාප 29ක පළමුවරට ඡන්දය පාවිච්චි කරන්නන්ට මාර්ගගත ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.

2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති පුටින් 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත්විය.

ඒ වසර 4ක ධුර කාල දෙකක් සහ වසර 6ක ධුර කාල දෙකක් ලෙසිනි.

2021 වසරේදී ජනපති පුටින් අත්සන් තැබූ නියෝගයකට අනුව ඔහුට තවත් ජනාධිපතිධුර කාල දෙකකට තරග කළ හැකිය.

ඒ අනුව ජීවත්ව සිටියොත් 2036 වසර වනතුරු ඔහුට රුසියානු ජනාධිපතිධුරය දැරීමේ අවස්ථාවක් පවතී

Related posts

“මැයි මාසයේ ආහාර උද්ධමනය 57%ක්. ජූනි අවසන් වෙද්දී උද්ධමනය 75%ක් වේවි”

colombotoday

ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු සෙවූ 6ක් STF දැලේ

colombotoday

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday

පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් සහන මිලට

colombotoday

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

colombotoday

බිඳවැටී ඇති ආර්ථීකය ගොඩනගන්න පුළුවන් UNPයට පමණක් බව රනිල් කියයි

colombotoday