Colombo Today Local News

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමේ ක්‍රමවේදයන් සිදුකිරීම මැඩලීමට විශේෂ වැටලීමක් සිදුකර ඇත.

දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම විශේෂ මෙහෙයුම ඊයේ (31) සවස 4 සිට රාත්‍රී 8 දක්වා සිදුකර තිබිණි.

එහිදී අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131ක්, එවැනි ජංගම දුරකථන ඔස්සේ මුදල් ලබාදෙන මධ්‍යස්ථාන 1,964ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074ක් සහ හඳුනාගත් වාණිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202ක් ආශ්‍රිතව මෙම මෙහෙයුම සිදුකල බවට වාර්තා වේ.

එහිදී පුද්ගලයින් 316 දෙ⁣නෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 20ක් සිටින බවට හඳුනාගෙන ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් විසින් නීතිවිරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කටයතු කරන බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කලේය.

Related posts

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

Admin

සජිත් පරාජය පිළිගනියි – ගෝඨාභයට සුබ පතයි

colombotoday

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

colombotoday

හූ හඩ මැද්දේ මන්ත්‍රී ජගත් කුමාර ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

පොලිස්පති පූජිත් ජයසුන්දර CIDයෙන් අත්අඩංගුවට ගනී !

colombotoday