Colombo Today Local News

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අද (12) දිනයේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාර දෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ, ජල විදුලි උත්පාදනය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පියවර ගන්නා බවයි.

විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව 96% ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර විදුලි බිල අඩු කිරීමත් සමග ජල බිල ද අඩු කරන බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ(11)දින ප්‍රකාශ කළේ ය.

Related posts

උපන් බිමේම අසරණ වූ ජාතියක් ගැන නැගෙනහිරින් ඇසෙන දුක්ඛිත කතාව !

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

ඇඳිරි නීතිය කඩපු 9067 දඩුවම්

colombotoday

නාමල් හිටපු නිවසක ගින්නක්

Admin

පොලීසිය සාගලට, බන්ධනාගාරය ස්වාමිනාදන්ට

colombotoday

ගාලු පාරෙන් කොටසක් ගිලාබසී

Admin