Colombo Today Local News

නවගමුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

නවගමුව ප්‍රදේශයේ ඊයේ (10)රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ආරක්ෂක අංශ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රියේ මියගිය පුද්ගලයාගේ නිවසට පැමිණ ඇත.

පසුව ඔවුන් එම පුද්ගලයා අසළ තිබූ වගුරුබිමකට කැඳවාගෙන ගොස් ඔහුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා අතුරුගිරිය රෝහලට ඇතුළත් කර තිබුණි.

පොලීසිය සඳහන් කරන්නේ, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, නවගමුව වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

රුවන්වැලි මහසෑය අභියසදී අරියවංශ දේශනාව වෙනුවෙන් සති අන්තයේ විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්

Admin

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු නෞකාව මුදවාගනී

colombotoday

“ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ SAITM ආපසු හරවනවා“ – GMOA

colombotoday

ක්‍රිකට් ලෝක කුසලානය ගැන මරික්කාර්ගෙන් අනාවැකියක්…

colombotoday

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday