Colombo Today Local News

හදිසි විදුලි බිඳ වැටීමෙන්, ජාතික රෝහලේ අක්‍රිය වූ MRI යන්ත්‍ර මෙතෙක් නඩත්තු කර නැහැ

හදිසියේ විදුලිය බිඳවැටීමත් සමඟ අක්‍රිය වූ කොළඹ ජාතික රෝහලේ MRI යන්ත්‍ර කිහිපයක් මෙතෙක් නඩත්තු කර නොමැති බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකබද්ධ බල මණ්ඩල පවසයි.

පසුගිය සෙනසුරාදා රට පුරා සිදුවූ විදුලි බිදවැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ යන්ත්‍ර කීපයක්ම බිද වැටුණු බවයි එම සංගමය පවසයි.

ඒ අතරට, නව බාහිර රෝගී අංශයේ, විශේෂ ස්නායු ප්‍රතිකාර ඒකකයේ සහ ජතික අපස්මාර ඒකකයේ ඇති MRI යන්ත්‍ර 3 සහ අපස්මාර ඒකකයේ ඇති DSA යන්ත්‍රය ද ඇතුළත්ය.

මේ වන විට මෙම යන්ත්‍රවලින් DSA යන්ත්‍රය සහ නව බාහිර රෝගී අංශයේ ඇති MRI යන්ත්‍රය නැවත ක්‍රියාකාරී තත්වයට පත්කර ඇති නමුත් අනෙකුත් බිඳවැටුණු MRI යන්ත්‍ර නඩත්තු කර නොමැති බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකබද්ධ බල මණ්ඩල පෙන්වා දෙයි.

එම නඩත්තුව සඳහා අවශ්‍ය අමතර කොටස් දිවයිනට ගෙන්වා ගැනීමට තවත් සතියකට වඩා කාලයක් ගතවන බව අදාල සේවා සපයන ආයතන දැනුම් දී ඇති බව ද සඳහන්.

Related posts

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් සංකේත වැඩ වර්ජනය අරඹයි

colombotoday

කෘෂි බෝග අපනයනය ඉහළ නැංවීමට සැලසුම්

colombotoday

කංජිපානි ඉම්‍රාන්ගේ ගෝල ෆයිස් පිච්චි අත්අඩංගුවේ

colombotoday

“අවි ආයුධ හමුවීම සාමාන්‍ය දෙයක්.. ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ” ආරක්ෂක ලේකම්

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

colombotoday