Colombo Today Local News

මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් නැහැ – ඇමති ප්‍රමිත බණ්ඩාර කියයි

මිහින්තලය පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවත් පුදබිමේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් සේවයේ නිරත වන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (11)දින පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ්‍රේය.

පුදබිමේ සිටි යුද, නාවික සහ සිවිල් ආරක්ෂක සෙබළුන් 252ම සිටියේ පුදබිමේ ආරක්ෂක කටයුතු සඳහා නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මිහින්තලය පුදබිමේ සිටි හමුදා සෙබළුන් ඊයේ(10)දිනයේ සිට එම පුදබිමෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එම සෙබළුන් ඉවත් කිරීම නිසා පුදබිමේ ආරක්ෂාවට කිසිදු බාධාවක් සිදු නොවන බවයි.

පුදබිමේ ආරක්ෂාව සැපයූවේ පොලීසියෙන් නිසා අදටත් පොලීස් නිලධාරින් 30ක් පුදබිමේ ආරක්ෂාවට ඉන්නවා”යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

Related posts

ඉස්ලාම් අන්තවාදයට එරෙහිව හින්දු එකමුතුවේ විරෝධතාව – අද 4ට කොටුවේ දී.

colombotoday

ජනපති හදිසියේම කාලෝ හමුවෙයි !

colombotoday

එජාප මන්ත්‍රී රන්ධීර් රොද්‍රිගු නිධන් කඩන්න ගිහින් මාට්ටු.. වෙඩි හුවමාරුවෙන් එක් අයෙක් මරුට

colombotoday

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

colombotoday

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

QR ක්‍රමයට ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඇරඹෙයි

colombotoday