Colombo Today Local News

අපේ මුහුදේ මාළු ඇල්ලු ඉන්දීය ධීවරයන් 21ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04ක් සහ ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (06)දින සිදු කරන ලද මෙහෙයුමකින් යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා හතර 4 සහ එහි සිටි ඉන්දීය ධීවරයන් විසි එක් දෙනා තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිත ව තිබේ.

Related posts

මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, විහාරය ඉවත් කරගන්නා ලෙස TNA බලපෑම්

colombotoday

යාපනේ සුනඛ අවතාරයක්?

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

NGO නඩය කුපිත වෙයි.. එක රොත්තට කඩා පනී.. මහා නාහිමිවරුන්ට අභියෝග කරයි (Video)

colombotoday