රජය විසින් 2015 දී මහ බැංකුවෙන් හත්වතාවක් ණය අරගෙන ඇති බව වාර්තා වේ. මේ නිසා මේවන විට මහ බැංකුව රුපියල් බිලියන 32ක් පාඩු ලබා ඇති බව පැවසේ.
එසේම මේවන විට රජය ඉන්දියාවෙන් ඉල්ලා ඇති ණය මුදලින් කොටසක් ලබාදෙන්නේ සාර්ක් අරමුදලෙන් බවද පැවසෙන අතර අදාළ සම්පූර්ණ ණය මුදල ලැබෙන්නේ ඉට්කා අත්සන් කළහොත් පමණක් බවද පැවසේ.
මේ තොරතුරු අනාවරණය කරනු ලැබුවේ සුනිල් හඳුනෙත්ති මන්ත්රීවරයා අද (24) පාර්ලිමෙන්තුවේදීය.