Colombo Today Local News

කිරි ගව සොරකම් දඩය ලක්ෂ 10 කරන්නැයි උපදෙස්

කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහල නංවා සත්ව සුබ සාධක පනත සංශෝධනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබේ.

කිරි ගවයින් සොරකම් කිරීම් මේ වනවිට දිවයින පුරා ඉහළ යමින් පවතින බවට වාර්තා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

දැනට ක්‍රියාත්මක සත්ව සුබසාධන පනත යටතේ කිරිගව සොරකම් සඳහා උපරිම දඩය රුපියල් 50,000ක් වන අතර ඒ වරද සදහා සිර දඩුවම් පැනවීමක් ගැන සඳහන් නොවන බව අමාත්‍යාංශය පවසයි.

මෙම කරුණ සැලකිල්ලට ගනිමින් කිරිගව සොරකම් සඳහා වන දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, අවම වශයෙන් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සඳහාත් වගන්ති ඇතුලත් කර සත්ව සුබසාධන පනත සංශෝධනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Related posts

සුරියවැවදී හෙරොයින් ජාවාරම් කරුවෝ 10ක් අල්ලති

colombotoday

කෝටි 40කට අධික වටිනා රත්තරන් රේගුවේදී අල්ලයි

Admin

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

නාලක ගොඩහේවා FCIDයෙන් අත්අඩංගුවට ගනී

colombotoday