Colombo Today Local News

විස දුමාරයක් අග්‍රාණය වී 10දෙනෙක් රෝහලේ…

තලවකැලේ පිහිටි වෙළෙඳසැලක ක්‍රියාත්මක කර තිබු ජෙනරේටර් යන්ත්‍රයක දුම් ආග්‍රහණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසු තත්ත්වයෙන් පසු වු දසදෙනෙකු ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.

එම වෙළෙඳසැලේ තරුණ සේවිකාවන් නව දෙනෙකු හා පිරිමි සේවකයෙකු මෙසේ රෝහල් ගත කොට ඇති බව තලවකැලේ පොලීසිය පවසයි.

විදුලිය බලය විසන්ධිව තිබියදි එම වෙළෙඳසැලේ ජෙනරේටර් යන්ත්‍රය ක්‍රියාත්මක කොට ඇති අතර, එම ජෙනරේටර් යන්ත්‍ර සවි කොට තිබු බිම් මහලේ ආහාර ගැනීමට ගිය සේවකයින් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරය වී තිබේ.

හුස්ම ගැනීමේ අපහුසතාවයෙන් පෙළෙනු රෝගීන් සියලුම දෙනා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලේ සිට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කොට යැවීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

Related posts

නව දුම්රිය ගාස්තු සංශෝධනය ඇමැති අතට

colombotoday

කොළඹ සිට ඩකා නුවරට මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

colombotoday

“පූස් පැටිය වගේ හිටපු විග්නේෂ්වරන් කොටියෙකු කළේ මේ නිවට ආණ්ඩුවයි“ – ගම්මන්පිල

colombotoday

දොඩම්පහල ප්‍රදේශයේ අනතිරකින් 08 හැවිරිදි දරුවෙකු දිවි හැර යයි

Admin

විල්පත්තු සංහාරය ගැන ජනපතිගේ අලුත්ම නියෝගයත් පුස්සක් වෙන ලකුණු (Video)

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday