Colombo Today Local News

අරක්කු බෝතලේ මිල වැඩි කළාම ඒවා විකිණෙන්නේ නැතැ. කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න

රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයි.එම්.එෆ් කිව්ව පලියට ගල් අරක්කු මිල අධික ලෙස වැඩි කර තිබෙන බව කී දසනායක මහතා ආණ්ඩුව එක ගල් අරක්කු බෝතලේකින් රුපියල් 2000ක ලාභයක් ලබන බව සඳහන් කළේය.

එතරම් මිලක් දී ජනතාව අරක්කු බොන්නේ නැතැයි කී දසනායක මහතා මිනිසුන් දැන් කසිප්පු වලට ඇබ්බැහි වී තිබෙන බව සඳහන් කළේය.

වතුකරයේ කසිප්පු පෙරීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි ද අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday

මහින්ද – බැසිල්ට විදෙස්ගත වීම තහනම්

colombotoday

උස්වැටකෙයියාවේ දී අස්වර් අත්අඩංගුවට

colombotoday

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයකින් හෝ රට ගොඩ ගන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරු ගෝඨාභයගෙන් ඉල්ලති (Video)

colombotoday

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday