Colombo Today Local News

කෝටි තුනක උඳු රේගුවෙන් පන්නන්න බැරිවෙයි

රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් ඉන්දියාවේ සිට නීති විරෝධීව ආනයනය කළ උඳු මෙට්‍රික්ටොන් 17 ක විශාල තොගයක් රේගු ආදායම් අධීක්ෂන අංශය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම උඳු තොගය කඩල අඩංගු බහලුමක සඟවා තිබී සොයා ගත් බවත් උඳු තොගයේ වටිනාකම රුපියල් මිලියන 31 ක් පමණ වන බවට තක්සේරු කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සීවිලි අරුග්ගොඩ මහතා පවසයි.

මෙම මෙම උඳු තොගය කිසියම් ආකාරයකින් රේගුවෙන් නිදහස් වූයේ නම් බදු වශයෙන් රජයට රුපියල් මිලියන 5.1 ක් අහිමි වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උඳු තොගය සහිත බහලුම ඔරුගොඩවත්ත ආර්.සී.ටී. අංගනයේ රඳවා තිබේ.

Related posts

සෙන්පති සරත් රට වෙනුවෙන් තනි සටනක.. ජිනීවා මානව හිමිකම් කමිටුවේදී කොටි නඩයට දුවන්න දෙයි !

colombotoday

මෙදා අවුරුදු සමයේ වෙළඳාම 40% කින් බැහැලා…

colombotoday

යාපනය පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය කෙරේ

colombotoday

මැතිවරණ විශේෂ විධි විධාන පනත ගැසට් කෙරේ

Admin

බැංකු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණයක්

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක්

colombotoday