Colombo Today Local News

පොලිසියේ උසස් නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට සහ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලබා දී තිබේ.

පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ, ජාතික පොලිස් කොමිෂණ් සභාව විසින් පසුගිය 09 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

ඒ අනුව, කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ප්‍රවාහන හා සංදේශ දිසාව භාර තනතුරට ස්ථාන මාරු කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ජි.එම්.එච්.බී. සිරිවර්ධන මහතා මාරුකර ඇත්තේ ප්‍රවාහන හා සංදේශ දිසාවේ සිට පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

ඊට අමතරව වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකු ට හා රාජකාරි ඉටුකිරිම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03 දෙනෙකුට ද ස්ථානර මාරුවිම් ලබා දී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට හා පොලිස් අධිකාරිවරුන් 02 දෙදෙනෙකුට ද ස්ථාන මාරුවිම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඇල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරි එම්. එම්. කුමාරසිංහ මහතා කුලියාපිටිය කොට්ඨාසයට මාරුකර තිබේ.

මේ අතර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරිම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුද පත් කර ඇති බව පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday

වහාම කොවිඩ් එන්නත ලබා ගන්න.. අත්‍යාවශ්‍ය නැතිනම්, නිවසින් පිටතට යන්න එපා..! රජය දන්වයි

colombotoday

පාඩුයි කියන ශ්‍රී ලංකන්, ලොක්කාගේ දැන් පඩිය ලක්ෂ 35යි.. මහින්ද කාලේ ලක්ෂ 15 යි

colombotoday

සහන මිලට දෙනවනම් රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානම් – අලි සබ්රි

Admin

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday