Colombo Today Local News

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධන අරමුදලේ රුපියල් කෝටි 987ක මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) අප්‍රසාදය පළවිය.

ඒ සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාර්තාවක් දෙන ලෙස කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එහි ප්‍රධානීන්ට දැනුම් දුණි.

තේ කොමසාරිස් තනතුරේ කටයුතු කරන පුද්ගලයාම වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. මෙසේ කටයුතු කිරීමේදී කිරීමේ දී ළැබැඳියාවන් අතර ගැටුමක් නිර්මාණය වන බව කමිටු සභාපතිවරයා පැවසීය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබියදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අලෙවිකරණ) තනතුරේ පුරප්පාඩුව පිරවීමට කටයුතු නොකිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ගිවිසුමකට අනුව තේ අලෙවි මණ්ඩලය සඳහා තොරතුරු තාක්ෂණ පද්ධතියක් සකස් කිරීමට සැලසුම්කර තිබුණද තවමත් එය නොකිරීම පිළිබඳව කමිටුවේ අප්‍රසාදය පළවිය.

මේ සඳහා මොරටුව විශ්ව විද්‍යාලයේ උපදේශන සේවා මත ප්‍රසම්පාදන කටයුතු කළ යුතු වුවත් රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් ගෙවා පෞද්ගලික ආයතනයක් තෝරාගැනීම පිළිබඳවද කමිටුව මෙහිදී ප්‍රශ්න කළේය.

Related posts

අයවැය ප්‍රකාශය : විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රුපියල් මිලියන 300ක්

Admin

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

colombotoday

රටේ ඕන තරම් හාල් තියෙනවා

Admin

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් අල්ලයි

Admin