Colombo Today Local News

දෙහිවල මුස්ලම් ජාතික පවුලක් පිලිස්සී මිය යයි

dehiwala
දෙහිවල, කව්ඩාන පාරේ තෙමහල් නිවසක පහත මාලයේදී ව්‍යාපාරිකයකු, ඔහුගේ බිරිඳ, දියණිය හා ඥති දියණියක අභිරහස්‌ අන්දමින් මියයැමට හේතුව විදුලි කාන්දුවකින් ඇතිවූ දුමාරයක්‌ නිසා කාබන් මොනොක්‌සයිඩ් ආඝ්‍රාණය වීම බව ඊයේ රාත්‍රි කළුබෝවිල රෝහලේදී පැවති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබේ.

මියගිය අයගේ කළුවී තිබූ මළ සිරුරු 15 වැනිදා උදේ 10.00 ට පමණ සොයාගත් බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස්‌ ඇත්තේ හුසේන් මව්ලානා, (65) පියා, මුර්සිඩා මව්ලානා (52) මව, තෘෂ්ණා මව්ලානා (13) දියණිය සහ ඥති දියණියක වූ මිස්‌නා (13) (මියගිය කාන්තාවගේ නැගණියගේ දියණිය) මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි බන්දුල අබේසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන චතුර නන්දසිරි සහ ප්‍රසාදිනී සෙනරත් යන මහත්ම මහත්මීන් විසින් සිදුකළාය.

Related posts

බදියුදීන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ සජිත්ගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර පැවති හමුවක් විකාශය කරන්න “චැනල් ෆෝ” සූදානමක්

Admin

රන්ජන්-හදුන්නෙත්ති හඩ පට ලීක්… ජවිපෙ සළුපට අහසට !

colombotoday

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday