World

ඉන්දියාව නම වෙනස් කරන්න යයි

ඉන්දියාවේ නම වෙනුවට භාරතය යන වදන භාවිත කරමින් ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයා නිකුත් කළ ලිපි කිහිපයක් හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වී තිබේ.

ඒ නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේදී, එරට ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු, භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙනය.

නිල උත්සවයක් සඳහා ඉන්දියාව වෙනුවට භාරතය යන යෙදුම භාවිත කළ පළමු අවස්ථාව එය වේ.

ඉන් අනතුරුව සිය ඉන්දුනීසියානු නිල සංචාරය නිවේදනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි පළකළ සටහනේ ද දැක්වුණේ භාරත අගමැතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරය ලෙසය.

භාරතය යන වදන ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු ව්‍යවස්ථාවේ ද සඳහන්ව ඇති අතර, එහි දැක්වෙන්නේ ඉන්දියාව යනු භාරතය බවය.

මේ අතර රටේ නම, භාරතය ලෙස වෙනස් කිරීම සඳහා වන කෙටුම්පතක්, ලබන 18 සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඉන්දිය පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය අතරතුර සාකච්ඡාවට ගැනීමට නියමිත බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Admin

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

colombotoday

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

colombotoday

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

පාකිස්තානය – චීනය යුද ශක්තිය වර්ධනය කරද්දී ඉන්දියාවත් යුද ශක්තිය තර කරයි

Admin