World

ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

රුපේෂ් සඳෙහි ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයෙන් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රි වෙබ් අඩවිය ඔස්සේ රුපේෂ් මෙම ඉඩම් කැබැල්ල මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ. ඔහු මිලදී ගෙන ඇති ඉඩම් කැබැල්ල සඳහා ඔප්පුවක් සහ මිලදී ගත් ඉඩම් කැබැල්ලේ සැටලයිට් ඡායාරූපයක් ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය රුපේෂ්ට ලබා දී ඇති අතර මෙම මිලදී ගැනීම පසුගිය 25 වැනිදා ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තහවුරු කර ඇත.

සඳෙහි ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීම තුළින් තමන් වෙනස් අනාගතයක් සඳහා සූදානම් යැයි හැඟෙන බව රුපේෂ් පවසා තිබේ. ඉන්ටර්නැෂනල් ලූනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය සඳහන් කර ඇති පරිදි ගනුදෙනුකරුවන්ට අවම අක්කරයක ඉඩම් කැබැල්ලක් සඳෙහි මිලදී ගැනීමට හැකියාව පවතින අතර ඉඩම් මිලදී ගැනීමෙන් ලැබෙන මුදල් පුද්ගලික සඳ ගවේෂණය සඳහා යෙදවේ.

කීර්තිමත් පුද්ගලයින් 675 ක් සහ හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකු මේ වන විට සඳෙහි ඉඩම් මිලදී ගෙන තිබෙන බව රුපේෂ් පවසා ඇත. ඉන්ටර්නැෂනල් ලුනාර් ලෑන්ඩ් රෙජිස්ට්‍රිය තුළ ලේක් ඔෆ් හැපිනස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශයේ අක්කරයක් ඩොලර් 29.07 කට මිල කර තිබේ.

Related posts

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

නිවසේ වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දියක්ගෙවන්නැයි නියෝග

colombotoday

2050 වසර වන විට මුස්ලිම් ජනගහනය මිලියන 76කින් ඉහළට !

colombotoday

මානව හිමිකම් අදාල නෑ, සියලුම මත් ජාවාරම්කරුවන් මරා දමන්න – පිලිපීන ජනපතිගෙන් එරට පොලිස්පතිට නියෝග

colombotoday

ට්‍රම්ප් ඉතිහාසය වෙනස් කරයි.. ධවල මන්දිරයේ රාමසාන් ‘ඉෆ්තාර්‘ උත්සවය අත්හිටුවයි..!

colombotoday

ඉන්දියාව නැවතත් මෝදිට… මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් !

colombotoday