Colombo Today Local News

පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන තුල ස්ථාන ගත කරන්න සූදානමක්

පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ඒ තුළින් පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාන ගතකිරීමට කටයුතු කරන බවයි.

“අපි බලාපොරොත්තු වෙනවා මේ පුරාවිද්‍යාවාදි කණ්ඩායම් දැනට ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ එහෙමත් නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් කටයුතු කරනවා. එතනින් එහාට යන්න මේ පුරාවිද්‍යාර්ථයින්ගේ එකක් අපි බලාපොරොත්තුවෙනවා ඒ අයගේ ව්‍යවස්ථාවක් හදන්න. හදලා මේ විවිධ ආයතනවල ඒ අයව ස්ථානගත කරන්න. දැන් රේගුව තියෙනවා. හැබැයි රේගුවේ පුරාවිද්‍යාඥයෝ ඉන්නවද, ඊළඟට පළාත් සභා තියෙනවා. අපේ පුරාවස්තු ගොඩක් තියෙන්නේ උතුැරු සහ නැගෙනහිර, උතුරු මැද, වයඹ ඔය ආදි පළාත්වල. නමුත් ඒවායේ රාජ්‍ය ආයතනවල පුරාවිද්‍යාඥයෙක් නෑ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී එවැන් වැඩපිළිවෙළකුත් කරන්න. ඒ වගේම ඒ පුරාවිද්‍යා උපාධිධාරීන්ව එවැනි ස්ථානවල ස්ථානගත කරන්න.”

මේ අතර ලන්දේසීන් විසින් මෙරටින් රැගෙන ගිය ඵෙතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ රැසක් යළි ලබාදීමට නෙදර්ලන්තය ඊයේ (28)දින නිල වශයෙන් එකඟතාවකට පැමිණ තිබේ.

Related posts

ජාත්‍යන්තර කොටි ජාලය ජීනීවාහී රැස්වෙයි… ගෝඨාභයට එරෙහි මෙහෙයුම සැප්. 7 ඇරඹෙයි…

colombotoday

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි !

colombotoday

අලුත් අගමැති කෙනෙක් පත් කර ගන්න මහින්දට ඉවත් වන්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටි අයෙක් මිය යයි.

colombotoday

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැදවා ප්‍රශ්න කරයි…

colombotoday

පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු

Admin