Colombo Today Local News

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට ජලය මුදා හැර අවසන්

යල කන්නයේ වගා කළ කුඹුරුවලින් 90% කට පමණ අද දිනය වනවිට ජලය මුදා හැර අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කරන්නේ, මහවැලි ජලාශවලින් භාවිතයට ගත හැකි ජල ප්‍රමාණය මේ වනවිට 18% ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

කලා වැවෙන් පෝෂණය වන සියලු ගොවිබිම් වෙත ජලය මුදා හැරීම ලබන 10 වැනිදායින් අවසන් කරන බව ද මහවැලි අධිකාරිය පවසයි.

අනුරාධපුර සහ තලාව ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලන තිසා වැව සහ තුරුවිල වැවට කලාවැවෙන් ජලය මුදා හැරීම ලබන 31, 01 සහ 02 යන දිනවල සිදු කිරීමට ද සැලසුම් කර තිබේ.

ඒ අනුව, බාධාවකින් තොරව එම ප්‍රදේශවල පානීය ජලය ලබා දීමට හැකිවනු ඇති.

Related posts

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි. කැබ්රථයක් සහ බසයකුත් වැවේ

colombotoday

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළට

colombotoday

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

colombotoday

පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී බිහිසුණු බස් අනතුරක් – 20කට තුවාල

Admin

බොන්නේ වැහි වතුර. සෙරෙප්පු දාන්නෙ නෑ. වේදිනිගම හිමිට මන්ත‍්‍රී ධුරය ඉල්ලති.

colombotoday

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday