Colombo Today Local News

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

ජල විදුලි ජනනය 15% ක් දක්වා පහළ ගොස් තිබේ. බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව මේ වනවිට 23% ක් දක්වා පහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

රන්දෙණිගල ධාරිතාව 8.1 % ක් දක්වාත් වික්ටොරියා ජලාශයේ ධාරිතාව 27%ක් දක්වාත් මේ වනවිට පහළ ගොස් අවසන් ය. සමනල වැව ජලාශයේ ධාරිතාවද සමස්ත ධාරිතාවයෙන් මේ වනවිට 1.9% ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට විදුලි ඉල්ලුමෙන් 80% ක්ම සැපයෙන්නේ ගල් අඟුරු හා තාප විදුලියෙන් ය.

මේ අතර, මාස 6ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත.

Related posts

ධනුෂ්ක ගුණතිලක දිවයිනට

Admin

සුදු වෑන් කල්ලියක් සයිටම් විරෝධී සිසු නායකයෙක් මහ දවාලේ පැහැරගෙන යන්න හදයි (Video)

colombotoday

ඔක්තෝබර් 30 ETCA අත්සන් කිරීමට සියල්ල සූදානම් !

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

අධිවේගියේදී කොළඹ-බදුල්ල සැප බසයක් ගිනිගනී

Admin