Colombo Today Local News

ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නැහැ… ආර්ථිකය නංවන්න ඝෘජුව මැදිහත්වෙන්න – සාගර ජනපතිගෙන් ඉල්ලයි

මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (14)දින පැවසීය.

බලය බෙදීමේ යෝජනාවලිය කියන කාරණය මේ අවස්ථාවේ අවශ්‍ය දෙයක් නොවන බැවින් බලය බෙදීමේ කාරණය පැත්තකට දමා ප්‍රධානම ප්‍රශ්නය වන ආර්ථිකය නැංවීමේ කටයුත්තට ඝෘජුව මැදිහත්වෙලා සෙසු දේවල් අමතක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කී සාගර කාරියවසම් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගෙන් ජනතාව ආර්ථික ගොඩනැගීම බලාපොරොත්තු වන බවත්ය.

රට මේ වන විටත් බංකොලොත්භාවයෙන් මිදි නොමැති තත්වයක් යටතේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් හැටියට නොසළකන බව කී කාරියවසම් මහතා රටක් වැටිලා තිබෙන අවස්ථාවක ඒ රට අස්ථාවර කිරීමට විදේශ බලවේග, විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන්න බව ද සඳහන් කළේය.

අස්ථාවර රටක් තුළ විවිධ කරුණු කාරණා කරමින් අනිසි වාසියක් ගැනීමට උත්සහ කරන පිරිස් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

අංක එකේ කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්දික් ඇපමත නිදහස්…

colombotoday

එක්ටා (CEPA) ගිවිසුමෙන් පසු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැටුප් අඩුවන ආකාරය

colombotoday

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

colombotoday

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

ඥානසාර හිමිව මරාගන මැරෙනවා – අසාද් සාලි කියයි

colombotoday

රං පවුම අනුදාහට නගී

colombotoday