Colombo Today Local News

උසස් පෙළ අයදුම්පත් භාර ගැනිම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අද (28) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වෙයි.

විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර,සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන මස 18 වැනිදා ආරම්භ කෙරේ.

ලබන මස 27 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වේ.

මධ්‍යස්ථාන 110 ක ක්‍රියාත්මක සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා සහභාගි වන ගුරුවරුන් සංඛ්‍යාව 29750 කට අධික බව විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසිත් සමරකෝන් මහතා පවසයි.

Related posts

ජනාධිපති ලේකම් ධුරය සමන් ඒකනායකට 

colombotoday

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

colombotoday

නව නීති මත ඇරැඹීමට සුදානම් වන ක්‍රිකට්

colombotoday

කොළඹ, බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්. එක් අයෙක් මරුට

colombotoday

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

බෝම්බ කුමාර අත්අඩංගුවට

colombotoday