Colombo Today Local News

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් හෙට (15) සිට අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති MOP පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට අඩු කරනු ලැබීය.

එමෙන්ම යල කන්නය ආරම්භයේදීම එම පොහොර මිල තවත් රුපියල් 4500කින් අඩු කිරීමට රජය පියවර ගත්තේය. ඒ අනුව, මේ වන විට ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රුපියල් 15,000ක් බැගින් අලෙවි කරන MOP පොහොර මිල හෙට (15)දිනයේ සිට රුපියල් 14,000 දක්වා අඩු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

ගොවීන්ට හෙට දින සිටම එම මිලට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Related posts

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

Admin

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන්,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිහින් | ගිනි අවි හා තියුණු ආයුද සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

පියාගේ වෑන් රථයට යටවී අවුරුදු 2ක් වයසැති දැරියක මරු දකී

colombotoday

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday