Colombo Today Local News

ලංගමෙන් කෝටි 29 ක් ගසා කාලා!

sltb

ශ්‍රී ලංගමයෙන් රුපියල් කෝටි 29 කට අධික මුදලක්‌ වංචා කර ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කරන ලදී.

අමතර කොටස්‌ හා උපාංග ආනයනය කිරීමට ලබාදී තිබූ බදු සහනය උපයෝගී කර ගනිමින් පුද්ගලික සමාගමක්‌ මෙලෙස වංචා කර ඇති අතර, පසුගිය 2011 සහ 2012 යන වර්ෂවලදී ශ්‍රී ලංගමයට අවශ්‍ය අමතර කොටස්‌ හා උපාංග සපයා ගැනීමට ලබාදී තිබූ බදු සහනය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදී තිබූ අතර, මෙම සමාගම් දෙකට අදාළ ටෙන්ඩර් ලබා දීමේදී හිටපු ලංගම සභාපති හා අධ්‍යක්‍ෂ මණ්‌ඩලයත්, ටෙන්ඩර් කමිටුවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කර ඇතැයි අනාවරණය වන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ටෙන්ඩර් ලබාගත් එක්‌ සමාගමක්‌ රේගු ආඥ පනත උල්ලංඝනය කරමින් රාජ්‍ය ආදායමෙන් රුපියල් කෝටි 29 කට අධික මුදලක්‌ වංචාකාරී ලෙස ඉන්දියාවට යවා ඇතැයි තොරතුරු අනාවරණය වී තිබෙන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

Related posts

මහින්ද නැවතත් සටන් බිමට… සන්ධාන ආණ්ඩුවකින් සියල්ල කණපිට හරවන්න සූදානම් වෙයි (VIDEO)

colombotoday

ව්‍යාජ අංක තහඩු සැකසු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

දින 6කට ඇතිවෙන්න ගෑස් අරන් නැවක් කොළඹට

colombotoday

නැගෙනහිර මාංශ අලෙවිසැල් වසා දැමේ

Admin

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday