Colombo Today Local News

වාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක්

නින්ජා වෙස් ගත් කල්ලියක් විසින් කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකදී ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් කොල්ලකා ඇති බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පන්නිපිටිය මහල්වරාව මංසන්ධිය ආසන්නයේදී ආරක්ෂක හිස් වැස්මක් සහ මුඛ ආවරණයක් පැළඳ පැමිණි පුද්ගලයෙකු තමන්ට පිරිසක් පහරදුන් බවට ත්‍රිරෝද රථ රියදුරෙකුට පවසා තිබේ.

එහිදී ඔහු එම ත්‍රිරෝද රථ රියදුරාට වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් මාගම්මන ප්‍රදේශයේ පිහිටි නිවසට ඇරලවන ලෙසටය.

ඒ අනුව, ත්‍රිරෝද රථ රියදුරා එම පුද්ගලයාව සිය රථයට නංවාගෙන ගොස් මාගම්මන ප්‍රදේශය අතුරු මාර්ගයක් වෙත ගමන් කිරීමේදී ඇතිවූ සැකයක් මත රථය නවතා ඇත.

ඒ සමගම එහි පැමිණි ආයුද රැගත් කල්ලියක් ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ඔහු සතුව තිබූ මුදලින් රුපියල් 2,500ක්, ජංගම දුරකථනය සහ ත්‍රිරෝද රථය රැගෙන පළාගොස් ඇත.

අනතුරුව ත්‍රිරෝද රථ රියදුරා එම සිදුවීම සම්බන්ධයෙන් කහතුඩුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

එම සිදුවීමෙන් පැය දෙකකට පමණ පසුව අදාළ ත්‍රිරෝද රථයෙන් ගමන්කළ සැකකරුවන් ඉංගිරිය ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකා ඇත.

එලෙස කොල්ලකා ඇත්තේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරීමේ නිරත වෑන් රථයකි.

වෑන් රථයේ රියදුරු සිය මිතුරෙකු හමුවීම සඳහා ඉංගිරියට පැමිණි අවස්ථාවේදී අදාළ සැකකරුවන් විසින් වෑන් රථය හරස් කර එය කොල්ලකා පළාගොස් ඇත.

එහිදී සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය එම ස්ථානයේ දමා පළාගොස් ඇති අතර එලෙස කොල්ලකන ලද වෑන් රථයද වීදියගොඩ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසියට හමුවී තිබේ.

මෙම සිදුවීමත් සමඟ අදාළ කොල්ල කල්ලිය සොයා පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Related posts

රොහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන්ට මෙරට දේශපාලන රැකවරණ ලබා දීමට රජය තීරණය කරයි !

colombotoday

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘදයාබාධ ඇති වේ

colombotoday

සීමා නීර්ණය ගැසට් කිරීම විතරක් මදි.. පුංචි ඡන්දයට තවත් පොල්ලක් !!

colombotoday

කිරිපිටි කියා නවසීලන්තයෙන් ගෙන්වන්නේ රසායනික කුඩක්… ඌරු තෙල්, කටු පොල් තෙලුත් අඩංගුයි…

colombotoday

‘අගමැති කාලගුණ අනාවැකි නොපිළිගන්නවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුයි‘ – අනුර යාපා

colombotoday