විශ්වවිද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා මුදල් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එහි දැක්වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොළ භාරකාර අරමුදලින් එලෙස මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති බවය.
එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස 02 සඳහා ශිෂ්‍යාධාර ලෙස සිසුන්ගේ ගිණුම්වලට මෙම සතිය ඇතුළත බැර කෙරෙනු ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.