Colombo Today Local News

සත්ත්ව ගොවිපොළකට පැන්න හොරෙක් ගුටි කා මරුට

නිට්ටඹුව පොලිස් වසමේ වලව්වත්ත සත්ත්ව ගොවිපොළක පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වයස අවුරුදු 42ක් පමණ වන අයෙකු එසේ මියගොස් ඇති අතර පදිංචි ස්ථානයක් නිෂ්චිතව තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

මරණකරු කොළඹ ප්‍රදේශයේ සිට මෙම සත්ත්ව ගොවිපොළේ සේවය කිරීම සඳහා පැමිණ ඇත.

ඔහු ඊයේ (26) අලුයම් කාලයේදී ගොවිපොළේ සේවකයෙකුගේ ජංගම දුරකථනය, ග්‍රයින්ඩරයක්, ඇතුලු දේපල සොරකම් කර පළායාමට උත්සාහ කිරීමේදී එහි සේවකයින් දෙදෙනෙකු විසින් අල්ලාගෙන පහරදී කණුවක ගැටගසා තිබේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මධූෂ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකැයි ශ්‍රී ලංකා රජයෙන් ඩුබායි පොලිසියට දන්වා නැහැ… ඉන්ටර්පෝල් ලයිස්තුවෙන් නම් අතුරුදන්…

colombotoday

ජනපතිවරණයට සහය දීමට වසන්තගෙන් සජිත්ට කොන්දේසි !

colombotoday

“LTTE ය පටන්ගත්ත විදියටම එන්නයි හදන්නේ.. ඒක කාටවත් නැ කියන්න බෑ” – පොලිස්පති

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday

බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය අසලින් බෝම්බ දෙකක් සොයා ගැනේ.

colombotoday