Colombo Today Local News

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණ ද බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට අවස්ථාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් බනිස් මිල අඩු කිරීමේ තීරණය අත්හිටුවීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

බලපත්‍රය ක්‍රම යටතේ තිරිගු පිටි ගෙන්වීමට රජයේ ක්‍රියාකිරීම තුළින් තිරිඟු පිටි සමාගම් දෙකට පාරිභෝගිකයා ගසාකෑමට තවත් ඉඩ සලසා ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියයි.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමට අනුව පාන් බනිස් මිල අඩු කිරීමට තීරණය කර තිබූ බවද ඔහු කීය.

Related posts

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට වික්කොත් වැඩවරදී

colombotoday

මන්ත‍්‍රීවරයකු මිලියන 100 සිට මිලියන 500 දක්වා මිල නියම වුණා…. මැතිසබය රැස් කළානම් මරා ගන්නවා – ජනපති ජාතිය අමතයි

colombotoday

රටට ආදරය කරන ජනතාව රට ගැන ගැඹුරින් සිතා තිබෙනවා – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

colombotoday

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday