Colombo Today Local News

පොලිසීයේදී වගඋත්තරකරුවෙකුට පිහියෙක් ඇනලා – කොස්තාපල්වරියකුත් රෝහලේ..

පවුල් අරවුලක් සම්බන්ධ පැමිණිල්ලක් බකමූණ පොලිස් ස්ථානයේදී විභාග කරමින් තිබියදී පැමිණිලිකරු කෝපවී වගඋත්තරකරුවෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත.

එහිදී වගඋත්තරකරුවා සහ පොලිස් කොස්තාපල්වරියක් ද තුවල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිය බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග පැනගොස් ඇතැයි කියමින් බකමූණ පදිංචිකරුවෙකු කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණිලිකරු සහ විත්තිකරුවන් දෙදෙනෙකු පොලීසියට කඳවා තිබූ අවස්ථාවේදී මෙම සිදුවීම වාර්තාවී තිබේ.

එහිදී කාන්තා හා ළමා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු එකවරම ඔහු සඟවාගෙනවිත් තිබූ තියුණු ආයුධයෙන් පහරදීම සිදුකර ඇත.

Related posts

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට එරෙහි ආදිවාසී නායකයන් ගොනුකල පෙත්සමට දින නියම වෙයි

colombotoday

පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරාට වැඩ වරදි

Admin

“ඉන්ධන අර්බුදයට තනිව මුහුණ දෙන්න CEYPETCO එකට බෑ”

colombotoday

අපරාධ කල්ලි සාමාජික ලඩියාගේ සහයකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday