හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දියනෑමට ගිය විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (07) සවස් කාලයේදී එම රුසියන් ජාතිකයා දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂ නිලධාරීන් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
එසේ මියගොස් ඇත්තේ, 29 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.