Colombo Today Sports News

ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්

ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7)දින පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9ක පහසු ජයක් ලැබූහ.

ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-1 කින් ජය ලැබීය.

ශ්‍රී ලංකා පිල ලකුණු 117 ක ඉලක්කය ඕවර 16 කදී කඩුල්ලක් පමණක් දැවවී සම්පූර්ණ කිරීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්කානු පිල ඕවර 22.2 කදී ලකුණු 116 කට සීමා විය.

ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 2.34 ක සාමාන්‍යයක් පමණක් පවත්වමින් ලකුණු 117 ක් රැස්කළ යුතුය.

ඇෆගනිස්තාන් පිල ඕවර 22.2 කදී 116

(ඊබ්‍රහිම් ශද්‍රාන් 22, මොහොමඩ් නබී 23, දුෂ්මන්ත චමීර 63/4, ළහිරු කුමාර 29/2, වනිඳු හසරංග 7/3)

ශ්‍රී ලංකා පිල ඕවර 16 කදී කඩුලු 1 ට 120

(පැතුම් නිස්සංක නොදැවී 51, දිමුත් කරුණාරත්න නොදැවී 56)

Related posts

ඉන්දීය කණ්ඩායම් නායකත්වය සූර්ය කුමාර්ට

Admin

ටෝකියෝ ඔලිම්පික් වරම ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

colombotoday

අනිල් ප්‍රසන්නගෙන් ලක් මවට රිදී පදක්කමක්

Admin

එක්දින තරග 300ක තීරකයා වී මඩුගල්ලේ ලෝක වාර්තාවක් තියයි

colombotoday

දික්වැල්ල සහ ධනංජය ද සිල්වා 20-20 සංචිතයට කැඳවයි 

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday