Colombo Today Local News

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

අභිරහස් ලෙස මියගිය දෙදෙනෙකුගේ සිරුරු ප්‍රදේශ දෙකකින් හමුවූ බව පොලීසිය නිවේදනය කරයි.

රත්නපුර, සූරියකන්ද ප්‍රදේශයේ කපුකන්ද ප්‍රජා ශාලාව අසල කැලෑබද ප්‍රදේශයක තිබී ඉන් එක් සිරුරක් ඊයේ (31) සවස හමුවූ බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා 36 හැවිරිදි කොලොන්න ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇති අතර ඔහුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න මෙතෙක් හෙළිවී නැත.

මේ අතර ගාල්ල කොටුව මුහුදු තීරයේ තිබී නාඳුනන කාන්තාවකගේ සිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

එම කාන්තාව වයස අවුරුදු 35-40ත් අතර වෙතැයි අනුමාන කෙරේ.

සිරුර මේ වනවිට කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.

Related posts

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

හම්බන්තොට චීනයට දෙන නිසා ඉන්දියාව කණගාටුවෙන්.. ඉන්දියාව සතුටු කරන්න ත්‍රිමලේ වරාය දෙයි

colombotoday

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday

“තෙල් නැව් හතක් එනවා…. මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන.”

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි

colombotoday