Colombo Today Local News

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

පුත්තලම මුස්ලිම් පාසලක පසුගිය 23 වනදා විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සිසුන් සහ අත්අඩංගුවේ සිටි සැකකාර සිසුන් ඇප මත මුදාහැර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ් භාරයේ පසුවූ අතර 25 වනදා සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර සිසුන් සියලුදෙනාම අද (26)දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට පදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මුදාහැර තිබුණි.

එහිදී එක් අයෙකුට ලක්ෂ 5 බැගිනි වූ ශරීර ඇපයක් සහ සාමාන්‍ය පෙළ විභාගය අවසන්වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණි.

කුමණ හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශ්වයට බලපෑම් කිරීම සම්බන්ධව වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද එහිදී නියෝග කර ඇත.

ජුනි 22 වනදා යළි නඩුව කැඳවීමට නියමිතය.

Related posts

ඇමරිකාව ට්‍රම්ප්ට.. මහින්දගෙන් සුබ පැතුම්

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

colombotoday

ශාසනාරක්ෂක සභාවට මඩකලපුව තහනම්.. මාර්ග අවහිරයි, වැලිකන්ද උණුසුම් (Video)

colombotoday

සියළුම පෞද්ගලික බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙයි !

colombotoday

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday