Colombo Today Local News

කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් හමුදා සෙබළියන් පිරිසක් විරෝධතාවක

කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිව කිලිනොච්චි කොකාවිල් 4 වන කාන්තා බලකායට අයත් සෙබළියන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ සිට ඊයේ (16)දිනයේ සිට විරෝධතාවක් ආරම්භ කර ඇත.

යුද හමුදා ඉතිහාසයේ හමුදා සෙබළියන් පිරිසක් මේ අයුරින් උද්ඝෝෂණයක නිරත වු ප්‍රථම අවස්ථා මෙය විය.

තමන් 2012 වසරේ සිට කොකාවිල් කදවුරේ සෙබළින් 129 දෙනෙකු සේවය කරන බවත්, වව්නියාවට ලබා දී ඇති ස්ථාන මරුව අවලංගු කරදෙන ආසන්න වෙනත් කදවුරකට රාජකාරි සදහා අණුයුක්ත කරන ලෙසට ඉල්ලා මෙම පිරිස විරෝධාවේ නිරත වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හමුදා ප්‍රකාශ බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කරන්නේ මෙම සෙබළින් හමුදා පුහුණුව ලබා ඇති සෙබළියන් නොවන බවත්, ඔවුන් යම් යම් ව්‍යපෘති වෙනුවෙන් හමුදාගත පදනම යටතේ බවද ගත් පිරිසක් බවයි.

හමුදවේ ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය යටතේ, මෙම කදවුරේ පිරිස මැදවචිචිය කදවුර වෙත සම්බන්ධ කිරීමට සුදානම් කර ඇති බවයි.

මෙම ප්‍රතිව්‍යූහගතකරණ සිදු කිරීමේ අපහසුතාවට පත් වන සෙබළියන්ට ඔවුන් පදිංචි ප්‍රදේශයේ ආසන්න කදවුරු වල රාජකාරි කිරීමට හැකියාව ඇති බවත්, එසේ තිබියදී කිසිවකුගේ ආසත්‍ය ප්‍රචාර වලට රැවටී මොවුන් මෙම විරෝධතාවට එක්ව ඇති බවද හමුදා ප්‍රකාශකවරයා කියයි.

මේ සම්බන්ධයෙන් හමුදාව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, හමුදා නීතිය අනුව හමුදාවේ කිසිවකුටත් විරෝධතා, උද්ඝෝෂණ වලට සහභාගි වීම පසුරා තහනම් හෙයින් මෙම උද්ඝෝෂණයට යම් සෙබළියන් පිරිස් සහභාගි වී ඇති නම්, ඔවුන්ට එරෙහිව විණ්‍යානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

Related posts

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

සම්බා – කැකුළු – නාඩු සහල් උපරිම මිල නියම කරයි

colombotoday

රේගු අධ්‍යක්ෂවරියට රේගු මාෆියාව එක්ක හැප්පෙන්න බැරිවුණා – තනතුරෙන් ඉවත් කිරීමට හේතු මංගල සමරවීර කියයි

colombotoday

සිංහලයිනි නෙවෙයි “ලාංකිකයිනි නැගිටිව්!“.. ධර්මපාලතුමාගේ හඩ, UNP වේදිකාවේ ජනපති REMIX කරයි !

colombotoday

සිරිකොතේ අලියාට වෙඩි තැබූ කොස්තාපල් 29 දක්වා රිමාන්ඩ්

colombotoday

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ – මහින්ද රාජපක්ෂ

Admin