Colombo Today Local News

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

විදෙස් ආයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය සහ ප්‍රතිපාදන ඇතුළත් පැකේජයක් නුදුරේදී ඉදිරිපත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, අද (3)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මේ දිනවල මෙය ඉදිරිපත් කිරීම සඳහා වන වැඩපිළිවෙළ සාකච්ඡා කරමින් සිටින බව ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරට ත් පැවසීය.

“ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා දැනුම් දුන්නා විදේශ අයෝජන විශාල වශයෙන් ආකර්ෂණය කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය හා අනෙකුත් ප්‍රතිපාදන ඇතුළත් වරප්‍රසාද වරදාන ඇතුළත් පැකේජයක් නුදුරේදී ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළ මේ දිනවල සාකච්ඡා කර ගෙන යනවා කියලා”

Related posts

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම හා භාවිතයේ නව රටා අනාවරණය

Admin

පාරිභෝගික අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday