Colombo Today Local News

මුලතිව් කෝකිලායි බුදු පිළිමයක් පොළොවේ ගහලා

මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකළ අයෙක් අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසයි.

කෝකිලායි පොලීසියට අදාල බුදුමැදුරට අයෙකු විසින් හානිකරන බවට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව උඩප්පු ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බව කෝකිලායි පොලීසිය කියයි.

සැකකරු බුදුමැදුරේ බිත්ති කිහිපයකට හානිකොට ඇති අතරම බුදු පිළිමය බුදුමැදුරෙන් ඉවතට ගෙන පෙරලා දමා තිබියදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පෙරලුනු බුදුපිළිමයටද හානි සිදුව ඇත.

අදාල ක්‍රියාව සිදුකල පුද්ගලයා එලෙස හානි කිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිසියම් මානසික ආතතියක් පෙළෙන අයෙකුද යන්න පිළිබඳව සැක සහිත බවටද පොලීසිය වැඩිදුරටත් පවසයි.

Related posts

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

colombotoday

ජනපති සේනාවක් අරන් ඇමරිකා ගිහින්… අගමැතිට කෝටි 59ක කාර් දෙකක් ගෙන්නලා….

colombotoday

විද්‍යාත්මක ඇමති මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දෙයි

colombotoday

ආණ්ඩුව 20 සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් – තිස්ස අත්තනායක

colombotoday

අඥාණ ප්‍රේක්ෂකයන් කොතනක වුවත් සිටිය හැකියි – පල්ලේකැලේ සිදුවීම ගැන විස්තර විචාරකයන් කියන දේ

colombotoday