Colombo Today Local News

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

නාඋල පොලිස් වසමේ, මොරගහකන්ද ජලාශයෙන් ඊයේ (23) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකු වැටී මිය ගොස් තිබේ.

මරණකරු වයස අවුරුදු 39ක්වූ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කිරලගොල්ල යුද්ධ හමුදා කඳවුරට අනුයුක්ත කෝප්‍රල්වරයෙකි.

මොරගහකන්ද ජලාශයේ, ජලාශ වේල්ල හා විදුලි බලාගාරයේ ආරක්ෂාවට දඹුල්ල කිරලගොල්ල යුද්ධ හමුදා කඳවුරේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් අනු කණ්ඩායමක් යොදවා සිට ඇත.

ඉන් එක් සෙබළෙකු නොමැති බව නිරීක්ෂණය වීමෙන් පසු සිදු කළ සොයා බැලීමේදී මෙම ජලාශයේ බැම්මට මීටර් 300ක් පහළින් ජලය ගලා යන පාලම යට මුනින් අතට වැටී සිටියදී මෘත දේහය සොයාගෙන තිබේ.

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) දින සිදු කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

සම්බුදු උපත සැපතකි

colombotoday

මහින්දට දෙන්න ගිය පීකොක් මන්දිරය හැදුව හැටි අහන්න ඒඑස්පී ලියනගේ අල්ලස් කොමිසමට කැදවයි

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

colombotoday

භික්ෂූන් සහ හමුදාව උතුර සිංහලකරණය කිරීම වහා නවතනු

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයට මිලියන 6ක් ලියාපදිංචි වෙයි

colombotoday

පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවේ

colombotoday