Colombo Today Local News

දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් බඩුත් එක්ක අල්ලයි

මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුත්‍රයා වන මලීෂ යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25ක් අඩංගු පැකට් 400ක් සොයාගෙන ඇත.

සැකකරු සහ සොයා ගත් හෙරොයින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

Related posts

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

colombotoday

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

colombotoday

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

බස් ධාවනය නොවිමෙන් මගිහූ යකා නටති. – හැටන් බස් නැවතුම්පොලේ පාලනය මගින් අතට.

colombotoday

වෙසක්, නත්තල් සහ ජාතික නිදහස් දිනයන් දේශීය කර්මාන්ත ගොඩනැංවීමට යොදා ගැනීමේ සැලසුම්

colombotoday

ඉන්දියාවට 70% යි.. ලංකාවට 30% යි.. මත්තල ඉන්දියාව සමග හවුලේ කරගෙන යන්න එකගවුණා – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති

colombotoday