Colombo Today Local News

කිරිපිටි මිල තවත් අඩු වෙයි?

ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුකිරිමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා සදහන් කරන්නේ කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ(18) රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන් එකඟතාව පළ කළ බවය.

අප්‍රේල් මස පළමුවැනි දින සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට එම සංගම් පියවර ගෙන තිබූ අතර එහිදී කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200කින් සහ ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩු කෙරුණි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඊයේ පැවැති සාකච්ඡාවලදී පළවූ එකඟතා අනුව කිරිපිටි මිල අඩුවන ආකාරය පිළිබඳව ඉදිරි දින දෙක තුළ දැනුම්දෙන බව ආනයනකරුවන් සදහන් කළ බවය.

ඒ අනුව මැයි මාසයේ සිට යළි ආනයනික කිරිපිටි මිල අඩුවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

Related posts

ගල්කිස්සේදී දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

“ඥාණසාර හිමි අත්අඩංගුවට ගනු“ – මුස්ලිම් මැති ඇමතීන් පොලිස් ප්‍රධානීන් හමුවෙයි

colombotoday

තවත් ගූගල් බැලූනයක් ලක් ගුවනට

colombotoday

6% සිහින බොදවෙයි.. “සමස්ථ අධ්‍යාපනයම විකුණන් කෑමේ ගමනක් අද යනවා“ – FUTA

colombotoday

වැදි රැහේ ඇත්තනුත් මැතිවරණ සටනට..

colombotoday

ත්‍රිවිද හමුදා නිල ඇදුම් කට්ටල දහසක් ගාල්ලේ මුස්ලිම් නිවසක… ගෝනි 10ක සගවා තිබියදී සොයාගනී….

colombotoday