ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා ගිය පුද්ගලයින් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඔවුන් දෙදෙනා තමිල්නාඩුවේ දී හඳුනාගෙන ඇති බව “ද හින්දු” පුවත්පත වාර්තා කරයි.
මේ වනවිට ඉන්දියාව තුළ කොවිඩ් ආසාදිතයින් ගණන දෛනිකව ඉහළ යමින් පවතින අතර, එරට සෞඛ්‍ය අංශ වාර්තා කළේ කොවිඩ් ආසාදිතයින් 60,313 දෙනෙක් සඳුදා වනවිට හඳුනාගෙන ඇති බවය.