Colombo Today Local News

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

අද (04) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහභාගි වන්නන්ට ජනාධිපති මන්දීරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා අද(4) පෙරවරුවේ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අදාළ විරෝධතාවය සම්බන්ධයෙන් කොටුව පොලීසිය බී වාර්තාවක් යොමු කරමින් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.

විරෝධතාවයට සහභාගි වන්නන්ට පෙළපාලියකින් ගොස් එම ස්ථානයන්ට ඇතුළුවීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අදාළ නියෝගය මේ සිදුවීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වසන්ත සමරසිංහ, බන්දුල සමන් කුමාර, රවී කුමුදේශ් සහ උදේනි දිසානායක යන අය ඉදිරියේ කියවා භාර දෙන ලෙසද, නීතිවිරෝධි අන්දමින් කටයුතු කරන්නේ නම් පොලිස් ආඥා පනත, මංමාවත් පනත ඇතුළු පනත්වල වගන්ති ප්‍රකාරව කටයුතු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දී තිබේ.

Related posts

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday

ජවිපෙ නායකයා අයර්ලන්තයේ සුපිරි සවාරියක.. කොටි හිතවතෙකුගේ සැප හෝටලේ නවාතැන්

colombotoday

ගෑස් මිල අඩු වීම හා තේ කෝප්පයේ මාධ්‍ය සංදර්ශනය

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි

colombotoday