World

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කරමින් අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව ඔහු විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2019 වසරේදී මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන ප්‍රකාශයක් කිරීම හේතුවෙන් රාහුල් ගාන්ධිව ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීය.

ලබන වසරේ ඉන්දියාවේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඔහුගේ දඬුවම අත්හිටුවනතුරු හෝ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන තුරු ගාන්ධිට ඒ සඳහා තරග කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති.

Related posts

පකිස්තානයේ තෙල් පිරිපහදුව වසා දැමීමේ අවදානමක්

colombotoday

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

colombotoday

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

තායිලන්තයේ ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගෙන් දුම්රියකට hit-and-run පන්නයේ ප්‍රහාරයක්. – බෞද්ධයන් ඉලක්ක ගත් ප්‍රහාරවල වර්ධනයක්.

colombotoday

උතුරු කොරියානු නායක කිම් ජොන් වෙඩි නොවදින දුම්රියකින් රුසියාවට!

Admin

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin