Colombo Today Local News

බ්‍රිතාන්‍ය සතු සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණය කෙරේ

පරමත්ථ සංවිධානය හා International Centre for Theravada Buddhism UK සංවිධානය එක්වී බ්‍රිතාන්‍ය පුස්තකාලයේදී පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය.

ඒ, ”සිංහල පුස්කොළපොත් අත්පිටපත් ඩිජිටල්කරණ ව්‍යාපෘතිය” නම් ගිවිසුමකට ය.

මීට පෙර ශ්‍රී ලංකා පුස්කොළපොත් අත්පිටපත් හතරක් නියමු ව්‍යාපෘතියක් ලෙස ඩිජිටල්කරණය කළ අතර ඒවා බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියෙන් හා පරමත්ථ වෙබ් අඩවිය මගින් සියල්ලන්ටම නොමිලේ පරිශීලනය කිරීමට අවස්ථාව සලසා දී තිබුුණි.

පරමත්ථ සංවිධානය වෙනුවෙන් පූජ්‍ය ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනසනාධිපති, පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමියන් ගිවිසුමට අත්සන් තැබූ අතර බ්‍රිතාන්‍ය පුස්තකාල මණ්ඩලය වෙනුවෙන් සර්ක්සීස් මැස්ඩා ගිවිසුමට අත්සන් තබා ඇත.

පරමත්ථ සංවිධානය පෙන්වා දෙන්නේ සිංහල පුස්කොළපොත් අත්පිටපත් විශාල ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය පුස්තකාලය සතුව පවතින බවය.

ඒවායින් බොහෝමයක් හියු නෙවිල් (1847 – 1897) විසින් යටත් විජිත් යුගයේ සිවිල් සේවකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ වසර 32ක කාලයක් තුළ එක්රැස් කරන ලද එකතු කිරීම්වල කොටස් වෙයි.

එම එකතුවට 17 සිට 19 වන සියවස දක්වා දිවෙන ගද්‍ය හා පද්‍ය අත්පිටපත් 2,227ක් ඇතුළත් බවද වාර්තා වෙයි.

මේ අතර ත්‍රිපිටක අට්ඨකථා ඇතුළු බෞද්ධාගමික ග්‍රන්ථ හා සාහිත්‍ය, ඉතිහාසය ග්‍රන්ථ, පාලි ව්‍යාකරණ, ජ්‍යොතිෂ්‍ය, සිංහල වෛද්‍ය විද්‍යාව, ගණිත හා වාරි තාක්ෂණය ආදී පුළුල් පරාසයක විහිදුනු මෙම වටිනා අත්පිටපත්වල ඩිජිටල්කරණ වියදම පියවා ගැනීම සඳහා පරිත්‍යාග කිරීම තුළින් පරමත්ථා සහ ICTB UK සංවිධාන සමග සම්බන්ධවෙමින් මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයට සහායවීමට ලොව පුරා වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට අවකාශය සැලසී ඇති බවද පරමත්ථා සංවිධානය පෙන්වා දෙයි.

Related posts

” පළාත් පාලන මැතිවරණය කල් දැම්ම ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් “

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දෙයි.

colombotoday

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

colombotoday

ප්‍රබල ඇමති සොයුරා සමග එක්වී ලංකාවේ කුළුබඩු කීර්ති නාමය වනසයි… ආණ්ඩුව අස්සයා පැනගිය පසු ඉස්තාලය වසා දමයි…

colombotoday

නව ව්‍යවස්ථාවක් එපා ! සංශෝධනත් එපා ! මල්වතු – අස්ගිරි මහා නාහිමිවරු ඒකමතිකව තීරණය කරති

colombotoday