Colombo Today Local News

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීමට අනුමත වූ ණය වසර 4ක කාලයක් තුළ වාරික 8 කින් ලැබීමට නියමිත අතර ප්‍රථම වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ක්ෂණිකව මුදා හැරෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.

විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ අරමුණ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය නැවත ඇති කිරීම බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව ණය තිරසරභාවය ඇති වන පරිදි ණය ප්‍රතිවුහගත කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ මෙරට ණය හිමියන් අතර සමීප සහයෝගිතාවයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්

Related posts

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හු‌දකලා කෙරේ

colombotoday

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

colombotoday

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

අයවැයේ කැපිල්ලට එරෙහිව සියළු වෛද්‍යවරු හෙට සිට වර්ජනයේ

colombotoday

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin