Colombo Today Local News

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ අනුව නාමල් රාජපක්ෂ පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් වී සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය උදාවී ඇති නිසා ඔහු වෙන රස්සාවක් සොයාගත යුතු බවත් වීරවංශ මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල නගර ශාලාවේදී ඊයේ (19)දින පැවති නිදහස් ජනතා සන්ධානයේ ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට එක්වෙමිනි.

‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා අවශ්‍ය බව තරුණ පරම්පරාව කීවත්, හිටපු මුදල් අමාත්‍යවරයකු වන යූ. බී. වන්නිනායක මහතා වැනි ‘ස්මාර්ට් පොලිටීෂියන්ලා 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු රටට අහිමි වූ බව ද කීවේය.

බල්ලන් මරා හෝ මුදල් සොයන සංස්කෘතිය ආ පසු රටේ දේශපාලන පිටියේ ඉඩ ලැබුණේ ජොනීලා වැනි ව්‍යාපාරික ජාලවලට බව කී මන්ත්‍රීවරයා එම ක්‍රමය වෙනස් කර නැවත ආදර්ශ වපුරවන දේශපාලනය පොළොවට රැගෙන ආ යුතු බවත්, එය කළ හැකි නායකයන් නිදහස් ජනතා සන්ධානයේ මුල් පුටුවල සිටින බවත් පැවසීය.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමෙන් පසු ‘ණයට අරන් – සැපට කාලා – ජොලියෙ ඉඳලා – අනාගත පරපුර බිල්ලට දීමේ වැඩපිළිවෙල යළිත් ඉදිරියට ගෙනයාමට උත්සාහ ගන්නා බව ද හෙතෙම කීය.

රට ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය වන්නේ නිවැරැදි, නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයකට බව ද වීරවංශ මහතා සඳහන් කළේය.

Related posts

නවතම කොවිඩ් වෛරස් කාණ්ඩය වාර්තා වන්නේ සමාජයෙන්.. ලාංකිකයන්ට ආවේණිකයි.

colombotoday

දූෂිත ගනුදෙණුව ක්‍රියාත්මකයි.. LNG බලාගාරය චීන සමාගමට දීමට මංගලගේ නිර්දේශ

colombotoday

දළඳා මාලිගාවේ වෙඩින් ප්‍රී ෂූට් එකක්

Admin

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday

ජාතික රෝහලේ නිලධාරිනියක් කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවට

colombotoday