Colombo Today Local News

අත්‍යවශ්‍ය මහජන සේවාවක් කරමින් දුම්රිය සේවක නිවාඩු අවලංගු කරයි

අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස නම් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපතිවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අද (14) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පියවර ගෙන තිබේ.

දුම්රිය සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂම පවත්වාගෙන යෑම සඳහා හෙට (15) දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් ඒ පිළිබඳව නිදහසට කරුණු විමසා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා එහි සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday

එක් දිනක් තුළ තේ පැළ ලක්ෂ 35ක් සිටුවීමට සැලසුම්..

Admin

ව්‍යවස්ථා සංශෝධනයේ සැබැ අරමුණ : ‍රටේ ඒකීයභාවය සහ සම්බුදු සසුන පාවාදීමද?

colombotoday

‘ටෙලිකොම්’ පෞද්ගලීකරණයට නිර්දේශ නැහැ

Admin

ඉපලෝගම මුස්ලිම් පල්ලියකින් පුරාවිද්‍යා සංහාරයක්. | දායක සභාවේ කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

colombotoday

කුඩු මුදලාලිලාට වැඩ කරන සංඝ කල්ලිය බුදුදහමට අභියෝගයක්. – මංගල සමරවීර භික්ෂුන් වහන්සේලාට පන්න පන්නා අපහාස කරයි

colombotoday